
කචින්ඩමොටෝ ඇගේ උප ප්‍රධානීන් 50 දෙනෙකුට ඩෙඩ්සා දිස්ත්‍රික්කයේ ළමා විවාහය අවසන් කිරීමේ ගිවිසුමක් අත්සන් කරන ලෙස නියෝග කර ඇත. පිරිමි ප්‍රධානීන් කිහිප දෙනෙකු විවාහ අනුමත කළ විට, කචින්ඩමොටෝ ඔවුන්ට එරෙහිව දැඩිව ක්‍රියා කර ඇත. අවම විවාහ වයස 21 දක්වා වැඩි කරන ලෙසද ඇය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබේ.
අප්‍රිකානු මහාද්වීපයේ ඉතා දිලිදු රටක් වන මධ්‍යම මලාවි හි ඩෙඩ්සා දිස්ත්‍රික්කයේ 900,000 කට ආසන්න ජනතාවකගේ ප්‍රධානියා වන්නේ තෙරේසා කචින්ඩමොටෝ නැමති කාන්තාවයි. කචින්ඩමොටෝ තමාගේ පාලනය යටතේ පවතින දිස්ත්‍රික්කයේ කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට උපකාර කිරීම සඳහා ඇයගේ අධිකාරිය භාවිතා කිරීමට කිසිදු බියක් හෝ මැලිකමක් දක්වන්නේ නැත.
පසුගිය වසර තුන තුළ ඇය ළමා විවාහ 850 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, තරුණ තරුණියන් සිය ගණනක් අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා නැවත පාසලට යවා ඇති අතර, හත් හැවිරිදි වියේ පසුවන ගැහැණු ළමයින්ට ලිංගික ආරම්භක කඳවුරුවලට යාමට අවශ්‍ය පවිත්‍ර කිරීමේ චාරිත්‍ර අහෝසි කිරීමට පියවර ගෙන තිබේ.
මලාවි දේශයේ ගැහැනු ළමයින්ගෙන් අඩකට වඩා වයස අවුරුදු 18 ට පෙර විවාහ වී ඇති බව 2012 එක්සත් ජාතීන්ගේ සමීක්ෂණයකට අනුව තහවුරුවේ.මානව සංවර්ධන දර්ශකයේ නිරන්තරයෙන් පහත් මට්ටමක සිටින මලාවි දේශය කචින්ඩමොටෝගේ ආකල්පය සහ පියවර නිසා කිසියම් විප්ලවීය වෙනසකට බදුන් වී ඇත.
ඩෙඩ්සා දිස්ත්‍රික්කයේ උපත ලැබූ කචින්ඩමොටෝ වෙනත් දිස්ත්‍රික්කයක වසර විසි හතක් තිස්සේ ලේකම්වරියක ලෙස සේවය කරමින් සිටියදී නිවසට පැමිණ ප්‍රධානියෙකු ලෙස සේවය කිරීමට කැඳවනු ලැබීය.
පසුගිය වසරේ මලාවි විවාහ වීමට නීතිමය වයස අවුරුදු 18 දක්වා ඉහළ නංවා ඇතත්, ආර්ථික දුෂ්කරතා නිසා දෙමව්පියන් තම දියණියන් ඉක්මනින් විවාහ කර දීමට කැමැත්තක් දක්වති.
කචින්ඩමොටෝ ඇගේ උප ප්‍රධානීන් 50 දෙනෙකුට ඩෙඩ්සා දිස්ත්‍රික්කයේ ළමා විවාහය අවසන් කිරීමේ ගිවිසුමක් අත්සන් කරන ලෙස නියෝග කර ඇත. පිරිමි ප්‍රධානීන් කිහිප දෙනෙකු විවාහ අනුමත කළ විට, කචින්ඩමොටෝ ඔවුන්ට එරෙහිව දැඩිව ක්‍රියා කර ඇත. විවාහ අවලංගු කිරීමට අමතරව (2015 ජුනි මාසයේදී පමණක් 330 ක්!) මෙම සුන්දර ජනහිතකාමී දරුණු ප්‍රධානියා ළමයින් නැවත පාසලට යැවූ අතර බොහෝ විට ඔවුන්ගේ පාසල් ගාස්තු ඇගේම මුදලින් ගෙවා ඇත. අවම විවාහ වයස 21 දක්වා වැඩි කරන ලෙසද ඇය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබේ.
තොරතුරු සහ චායරුපය : අන්තර්ජාලයෙනි