සමාජ ක්‍රියාකාරීන් මීගමුවේදී හඩ නගති.

වසර දෙසීයකට ආසන්න කාලයක් තිස්සේ තම ශ්‍රමය, දහදිය මේ පොලොව මත වගුරවමින්, ජීවත්වීමට අවශ්‍ය අවම පහසුකම්ද නොමැතිව සොච්චම් දිනක වැටුපක් ලබමින් සිටින තේ වතුකම්කරුවන්ගේ දැවෙන ප්‍රශ්න විසදීමට වසර 71 ක් පුරා මෙරට පාලනය කල කිසිම දේශපාලන පක්ෂයකට හැකිනොවූ අතර ඉදිරියේදීද එය මේ කාලකන්නි ධනපති පාලකයින්ට කල නොහැකි බැවින් ඒ සදහා සියලු ජනකොටස් පොදු ජනතා බලවේගයකට එකතුවී සටන් කල යුතු බව ඊයේ (සැත්; 14 වෙනිදා ) මීගමුවේදී පැවති තේ වතුකම්කරුවන්ගේ දිනක වැටුප රු; 1000/- කිරීමේ අරගලයට සහය දැක්වීමට පැවති විශේෂ වැඩසටහනේදී ප්‍රකශ විය.



මෙහිදී තවදුරටත් පැවසුනේ ලාභය පමණක් අරමුණ කරගත් ලිබරල්වාදී ධනපති පාලකයින් යටතේ මේ රටේ පිඩිත සහ ආන්තික ජනතාව දිනෙන් දිනම පිඩාවට සහ සුරා කෑමට ලක්වෙන බව සහ දැන් එය වෙනස් කල යුතු මොහොත බවය.

ප්‍රභාතය කලා සහ මාධ්‍ය සංවිධානය මීගමුවේ සිවිල් සමාජ සහ සමාජ ව්‍යාපාර වල සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම විශේෂ විරෝධතාවයට තේ කම්කරුවන්ගේ ජිවිත ඛේදවාචකය පෙන්නුම් කරන චිත්‍ර ඇදීමේ වැඩටහනක් , බැනර් ප්‍රදර්ශනය කිරීමේ නිදහඩ උද්ඝෝෂණයක් සහ අත්පත්‍රිකා බෙදාදීමක්ද ඇතුලත් විය.