
කොරෝනා වයිරස පාලනය කිරීමට ස්වීඩනය අනුගමනය කල මතභේදාත්මක උපායමාර්ග නිසා එරට මියගිය සංඛ්‍යාව අනෙකුත් නෝර්ඩික් රටවල මෙන් 10 ගුණයකට වඩා ඉහළ ගොස් ඇත.

කොරෝනා වයිරස් වසංගතය මධ්‍යයේ ස්වීඩනය තවමත් කිසිදු අගුලු දැමීමක් (Lock down) කර නොමැති බව ඒඑෆ්පී පුවත් ඒජන්සිය වාර්තා කරයි. රට තුල පාසල්, ආපනශාලා සහ ජිම් විවෘත කර ඇති අතර රජය 50 කට අධික පිරිසකට රැස්වීම් තහනම් කර ස්වයං හුදෙකලා විමක නිරත වන්නැයි නිවැසියන්ගෙන් ඉල්ලා සිටියද, ඔවුන්ගේ එදිනෙදා ජිවිතයේ හැසිරීම් බොහෝ දුරට නොවෙනස්ව පවතින බව පෙනේ.
ස්වීඩනයේ දැඩි අගුලු දැමීම් නොමැතිකම සෙසු යුරෝපයට වඩා වෙනස් වන අතර COVID-19 වාර්තා වීමේ අඩුවක් තවමත් දැකිය නොහැක.
අගුලු දැමීම්, ඇදිරිනීතිය සහ පනවා ඇති විවිධ සීමාවන් ඉවත්කිරීමට කුලප්පුවී සිටින ශ්‍රී ලංකාවටද එය හොද පාඩමකි.
මිලියන 10.2 ක ජනගහනයක් වෙසෙන රට තුළ මේ වන විට රෝගීන් 15,322 ක් සහ මරණ 1,765 ක් වාර්තා වී ඇති අතර ඒක පුද්ගල මරණ අනුපාතය 100,000 කට 17.3 ක් වේ.
ස්වීඩනයේ අසල්වැසියන් වන නෝර්වේ සහ ෆින්ලන්තය වයිරසයට වෙනස් ආකාරයකින් ප්‍රතිචාර දැක්වූ අතර, එරටවල් අල COVID-19 ආශ්රිත මරණ සුළු ප්‍රමාණයක් සිදුව ඇත්තේ ඒ නිසා විය හැකිය.
නොර්වේ මාර්තු මැද භාගයේදී පාසැල්, ආපනශාලා, සංස්කෘතික උත්සව, ජිම් සහ සංචාරක ආකර්ෂණීය ස්ථාන වසා අගුලු දමා ඇත. එරට බාහිර සංචාරකයින්ට ද තහනම් කළේය.
සීතල යුද්ධයේ සිට වෛද්‍ය සැපයුම් තොග ගබඩා කර ඇති ෆින්ලන්තය, දේශසීමා ගමනාගමනය සීමා කිරීම, පුද්ගලයින් 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එක්රැස් කිරීම තහනම් කිරීම සහ එහි කොරෝනා වයිරසය පාලනය කිරීමේ මාර්ගෝපදේශවල කොටසක් ලෙස පාසල් වසා දැමීමද සිදු කරන ලදී .
මිලියන 5.4 කට ආසන්න ජනගහනයක් සිටින නෝර්වේ හි රෝගීන් 7,191 ක් හා මරණ 182 ක් වාර්තා වී ඇති අතර ඒක පුද්ගල මරණ අනුපාතය 100,000 කට 3.37 ක් වේ. මිලියන 5.5 ක ජනගහනයක් සිටින ෆින්ලන්තයේ COVID-19 රෝගීන් 4,014 ක් සහ මරණ 141 ක් වාර්තා වී ඇති අතර ඒක පුද්ගල මරණ අනුපාතය 100,000 කට 2.56 ක් වේ.
ස්වීඩනයේ COVID-19 ආසාදිතයන් තවමත් ඉහළ යන බවක් පෙනෙන්නට ඇති අතර නෝර්වේ හි මේ වන විටත් එය පසුබෑමකට ලක්ව ඇති බව පෙනේ.
News and photos: Business Insider.com