
කොරෝනා නිසා පාරේ වැටී මියගිය මිනිසුන් පිළිබඳව අපිට වෙනත් රටවල් වලින් පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තා වුණි. අපේ රටේ වුවද එය සිදුවිය හැක. එසේ නොවන්නට නම් මේ වනවිට රජය ගෙන යන COVID-19 වැළැක්වීමේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුය.
මේ සටහන ලියන මොහොතේ ජා ඇල – මිගමුව 273 මාර්ගයේ පමුණුගම,බෝපිටිය හන්දියේ පාර අයිනේ කාන්තාවක් වැටී සිටියාය. එම සිදුවීම එතන සිටි කෙනෙකු තම ජංගම දුරකතනයේ වීඩියෝ කැමරාවෙන් පේස්බුක් පිටුව ඔස්සේ සජීවී ලෙස විකාශනය කල අයුරු දුටුවෙමි. එම මොහොතේම පොලිසිය සහ අදාළ සෞඛ්‍ය නිලධාරීන් එම ස්ථානයට පැමිණියහ. මේ කාන්තාව මෙසේ ඇද වැටුනේ කුමන රෝග තත්ත්වයක් නිසාදැයි අපි නොදනිමු.
එහෙත් කොරෝනා නිසා පාරේ වැටී මියගිය මිනිසුන් පිළිබඳව අපිට වෙනත් රටවල් වලින් පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තා වුණි. අපේ රටේ වුවද එය සිදුවිය හැක. එසේ නොවන්නට නම් මේ වනවිට රජය ගෙන යන COVID-19 වැළැක්වීමේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුය. මක්නිසාදයත් මේ වනවිට රටතුල සොයාගනු ලබන කොරෝනා වයිරසය ආසාදිතවුවන්ගේ සංඛ්‍යාව රටේ පවතින සෞඛ්‍ය සේවා පද්ධතියට දරාගැනීමට නොහැකි සංඛාවක් දක්වා වර්ධනය වන බවක් දැකිය හැක. මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී රජයට කොරෝනා මර්ධනයට දායකත්වය දෙන විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නිලධාරීන්ගෙන් පමණක් මෙය පාලනය කල නොහැකි බව දැන් පැහැදිලිය.එසේනම් රජය කළයුතුව ඇත්තේ රටේ සියලු ජනකොටස් වල සහයෝගය ලබා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමය.

එවැනි ජනතා සහභාගිත්වය ලබා ගන්නා ප්‍රජා වැඩපිළිවෙලක් පිලිබදව රජයට විස්වාසයක් නැතිවා සේය. මෙම රජය බලයට පත්වීමට පෙර සිටම අනුගමනය කරනු ලැබුවේ සිවිල් සමාජ, සමාජ ව්‍යාපාර, රාජ්‍යනොවන සංවිධාන සහ ප්‍රජා සංවිධාන විරෝධී ක්‍රියා පිළිවෙතකි. එනිසාම සියල්ල රජයේ නිලධාරීන් ලවා කරවා ගැනීමේ වැඩපිළිවෙලකට තවමත් රජය යොමුව සිටියි.
ඊයේ (නොවැ:20) ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සෙත්තප්පාඩුව, මෝලවත්ත ගමෙන් COVID-19 ආසාදිත කාන්තාවක් ගැන තොරතුරු වාර්තා වීම සමග ඒ කාන්තාව පිළිබඳව කටයුතු කළ ආකාරයට ජනතාව වටහා ගත්තේ කොරෝනා පාලනය රජයෙන් ගිලිහී ඇති බවක්ය.මෙම කාන්තාවට කොරෝනා ආසාදනය වී ඇති බව සොයාගනු ලැබුවේ ඇය සේවය කල ආයතනයේ කරනලද අහඹු PCR පරීක්ෂණයක් මගිනි. මෙම කාන්තාව ඒවනවිට ප්‍රදේශයේ බොහෝ ස්ථානවල ගැවසී ඇති අතර ඇයගේ කුඩා පිරිමි දරුවා නිතර – නිතර ඇයගේ සිරුරේ දැවෙටෙමින් සිටි අතර ඔහු අසල වැසි දරුදැරියන් සමග ක්‍රීඩා කර ඇත.
මේ තත්වය තුල කොරෝනා වයිරසය මෙම කාන්තාවගෙන් සහ ඇගේ පවුලේ සාමාජිකයන්ගෙන් තවත් බොහෝ දෙනෙකුට ආසාදනයට වීමට ඇත්තේ ඉතා වැඩි සම්භාවිතාවකි. එහෙත්, මේ වනවිට රජයේ ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් විසින් අසාදිත කාන්තාව ප්‍රතිකාර සදහා යොමුකර ඇති අතර එම පවුල පමණක් නිරෝධානයට ලක්කර ඇත.
එහෙත් බොහෝවිට ඇයගෙන් තවත් බොහෝ දෙනෙකුට මෙම වයිරසය අසාදනය විය හැකි තත්ත්වයක් පවතින නිසා එම පවුල සහ පවුලේ සාමාජිකයන් ඇසුරු කල අනෙක් පිරිස් නිරෝධනය නොකරන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්න කරති.
මෙම තත්ත්වය පාලනය කර ගත හැකිවන්නේ පුළුල් ජනතාවක් මේසදහා දායක කර ගැනීමෙන් පමණි. එය කළ හැකි වන්නේ රජය ජනතාව කෙරෙහි විස්වාසය තබා ජනතා සංවිධාන සමග කටයුතු කිරීමට සූදානම් වන්නේ නම් පමණි.එබැවින්, රජය මේ රටේ සියලු කොටස් එකතු කර ගැනීමට නිහතමානී විය යුතුය.
මේ සදහා ගමේ රජයේ නියෝජිතයා වන ග්‍රාම නිලධාරියා හෝ නිලධාරිනිය තුලින් පොලිසියේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මග පෙන්වීම යටතේ ප්‍රදේශයේ විවිධ ආගමික, සමාජීය, සිවිල් සහ රාජ්‍යනොවන සංවිධාන සම්බන්ධ කරගෙන ග්‍රාමීය මට්ටමින් සිවිල් කොරෝනා පාලනය කිරීමේ යාන්ත්‍රණයක් ගොඩනගා ගතයුතු බවට අප යෝජනා කරමු. මෙය හමුදාවකට පාලනය කළ හැකි ආයුධ සන්නද්ධ යුද්ධයක් නොවේ. මක්නිසාදයත්, මෙය ජනතාව අතර මිනිසුන්ගෙන් පැතිරෙන වසංගතයකි. එබැවින් ප්‍රජා සහභාගිත්වය මේ සදහා ලබා ගත යුතුවම ඇත්තේය.
අරුණ ශාන්ත නෝනිස්