
මෙම වසරේ නොවැම්බර් 10 වෙනිදට යෙදුනු මයිකල් පියනම ගුණානුස්මරණය ගැන විවිධ මාදිලියේ කතිකා රැසක් සිදු කෙරුණු වග අපි කව්රුත් දනිමු. එහිදී මතු වුනු විශේෂ දෙයක්නම් නැතිනම් කරුණක් නම් මයිකල් පියනමව සාන්තුවර බවට එසවීමේ අපේක්ෂාවයි. මේ ගැන විවිධ මතවාද ඇති වී ඇති අතර බොහෝ මතවාද හුදෙක් පුහු සභා-ගැතිවාදී අදහස් පමණි. ඒවායේ කාලීන විවේචන බුද්ධියකින් යුත් දෘෂ්ටි වාදයක් දක්නට නොලැබෙයි. ඊටත් වඩා එම යෝජනා කොතෙක් බයිබලීය ලෙස විමුක්තිගතිකද යන්නම ප්‍රශ්නයක් නැගෙයි.
කරුණු එසේ පෙළ ගැසෙද්දී, මගේ අදහස් කීපයක් මෙලෙස සටහන් කිරීමට රිසි වන්නෙමි.
අගරදගුරු ඔස්කා රෝමෙරෝගේ සිද්ධිය ගැනීමෙහිලා වතිකානුව එවකට පාලන අධිකාරිය රෝමෙරෝව සාන්තුවරයට එසවීම එකහෙලා නතරකර තිබුණේ විමුක්ති දේවධර්මයේ නිසි බයිබලීය හරය නොදන්නා කම හා ඊට අදාළ දැනුම ඇති පුත්ගලයින් සිටියද හුදෙක් සභා-ගැතිබවේ ඉනිමගින් තම නිලතල වලට යාමට තිබු ආශාව නිසා විමුක්ති දේවධර්මය සැනින් ප්‍රතික්ෂේප කරන ලද පිරිස් හට අර දැනුම ඇති පුත්ගලයින් ද සහය වූ නිසාවෙනි. වාසනාවකට ප්‍රැන්සිස් පාප්තුමාගේ කාලීන පැමිණීම සියල්ල නිසි නිවැරදි තැනට හසු කරන ලදී. එහෙයින් ඔස්කා රෝමෙරෝගේ සාන්තුවර එසවීම කාලීක හා සන්දර්භීය ක්රියාදාමයකි.
එනමුත්, රෝමෙරෝගේ ක්‍රියාදාමය තුලම මයිකල් පියනමගේ සාන්තුවර-එසවීම තබා කරන කතිකාව පුස්සකි. අර්ථ ශුන්‍ය දෘෂ්ටිවාදයකි. හේතු කීපයක් කතිකා කිරීමට ඇත. මයිකල් පියනමව අමුතුවෙන් සාන්තුවරයකට එවවීමට අවශ්‍ය නොවෙයි, මන්ද ඔහු දැනටමත් සාන්තුවරයෙකි; ඒ අසරණ ජන ප්‍රජාවක් වෙනුවෙන් තම ජීවිතය අර්ථවත්ව නාසරතයේ ජෙසුගේම අඩිපාරේ ගොසින් කල ජීවිත පුජාව නිසාවෙනි. දෙවනුව, වතිකානුවේ බල අධිකාරිත්වය මෙම සාන්තුවර-එසවීම කරනු ලබන්නේ කිසිම ප්‍රමිතියක් නොමැති මුදලට වහල්වීමෙනි. එහි කිසිදු බයිබලීය විමුක්තිගතිකත්වයක්, එනම් නිසි සභාවෙදීත්වයක් පෙනෙන්නට නොමැත. එය හුදෙක් ප්‍රසිද්ධ සභා ක්‍රමයක් පමණි [a popular ecclesiological trend]. එහෙයින් එවැනි ක්‍රියාවලියකට අර්ථයකින් තොරව හිරවීම නැතිනම් එවැනි ක්‍රමයකට අනුගත වීම සදර්භීය ක්‍රිස්තියානි ව්‍යාපාරයක වගකීමද යන්න අපෙන්ම ඇසිය යුතු ප්රශ්නයකි.

මයිකල් පියනමව සාන්තුවරයට එසවීමට අවශ්‍ය නම්, ඔහුගේ ක්‍රියා පටිපාටිය නිසි ලෙස සන්දර්භීයව අද ලාංකික ජනසමාජය වෙත ගෙන ඒමට කටයුතු කල යුතුය.
මයිකල් පියනමව සාන්තුවරයට එසවීමට අවශ්‍ය පදනමක් ඇත්නම්, එයට පිළිතුරු ලෙස ඉදිරිපත් කිරීමට සුදුසු යෝජනාවක් මා සතුව ඇත. එය මෙලෙස සටහන් කිරීමට කැමැත්තෙමි. මයිකල් පියනම මෙරට සභා ක්‍රමවේදයට එනම් හුදෙක් විදේශ ප්රතිපත්තිවල මුසාවාදීව සිටි අදිකාරී-පාලන බලයෙන් වෙන්වී සේවක සභාවක් ලෙස කැප වී වැඩ කිරීමට අවශ්‍ය පදනම දැමීය. නුවර ජාතික දෙව්සත් හලේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන කාලේ පටන් ඔහු මෙම ක්‍රියාදාමය ආරම්භ කර තිබිණි. ඔහු විසින් ලියන ලද දෙවන ආචාර්ය උපාධියේ නිබන්ධනය ඔහුගේ දැක්ම ක්‍රමානුකුලව සහ පැහැදිලිව මෙම අදහසට සාක්ෂි දරයි. බුත්තල ගම්මානය තුළ ඒ අනුව ඔහු සිදු කලේ එම කාලීන සේවාවයි. ඒ තුළ නව සභා ක්‍රමවේදයක්, විමුක්තුගතික අත්දැකීමක් පෙන්වන ලදී. එහෙයින් අප අද කතිකා කරන්නේ නම් ඔහුව සාන්තුවරයට එසවීමක් ගැන, අපෙන් සිදු විය යුතු පළමු දේ වන්නේ ඔහුගේ ක්‍රියා පටිපාටිය නිසි ලෙස සන්දර්භීයව අද ලාංකික ජනසමාජය වෙත ගෙන ඒමයි. ලෝකයාට නැතිනම් විශ්වීය සභාවට ඔහුගේ දැක්ම හා මෙහෙවර කාලීනව කියා දීමයි. එලෙස කිරීමෙන් විශ්වීය සභාව, එනම් පොදු ජනතාව දවසක ඔහුගේ සාන්තුවරභාවය ගැන කතිකාව හරි තැනට ඔසවා තබනු ඇත. එනමුත් දැන් කරන හෝ නැතිනම් හුදෙක් යම් යම් පිරිස් කරන සාන්තුවර-කතිකාව, මගේ මිනුම් දණ්ඩට අනුව නම් අර්ථ-ශුන්‍ය අවංක නොවූ කතිකාවක් පමණි. විය යුත්තේ අපි අපිම සාක්ෂි දැරීමකි. එලෙස කිරීමම මයිකල් පියනමව සන්දර්භීයව සමාජ ගත කිරීමකි. එවැනි සාක්ෂියකින්ම පමණක් ඔහුව විශ්වීය සභාව තුල, එනම් නිසි ලෙස විශ්වගතවීම හරහා මයිකල් පියනමගේ දැක්ම අර්ථවත්ව සමාජගත කළහැක.

විවිධ මාදිලියේ පුද්ගලයින්ව නිල සභාව සාන්තුවරයට ඔසවා ඇත. එනමුත් ඔවුන්ගේ ජීවිත කතා පුවත් හුදෙක් සුරුවම් වලට සීමා කොට වත් පිළිවෙත් ගැතියාවක හිරවී වන්දනා කරනු මිස එම පුත්ගලයින්ගේ ජීවිත සාක්ෂිය ගැන කාලීන සාක්ෂිදරීමකට සභාව උස්තහ නොකරයි. ලංකාවේ ඉහල තනතුරුවල සිටින රදගුරුවරුන් අසීසියේ ප්‍රැන්සිස් තියා ඔස්කා රොමෙරෝ ගැන කතාවම පහකර ඇති බව මොනවට පැහැදිලිද. එවන් මුසාවාදී සභා ක්‍රමයකට මයිකල් පියනමගේ කතිකාව අපසතු මුතු ඌරන්ට විසිකිරීමකි. පූජනීය දේ සගවා තබා ගැනීමට ජේසු අපට ඉගැන්වූයේ එහෙයිනි.
තවත් කරුණක් දැක්වීමට කැමැත්තෙමි. විවිධ මාදිලියේ පුද්ගලයින්ව නිල සභාව සාන්තුවරයට ඔසවා ඇත. එනමුත් ඔවුන්ගේ ජීවිත කතා පුවත් හුදෙක් සුරුවම් වලට සීමා කොට වත් පිළිවෙත් ගැතියාවක හිරවී වන්දනා කරනු මිස එම පුත්ගලයින්ගේ ජීවිත සාක්ෂිය ගැන කාලීන සාක්ෂිදරීමකට සභාව උස්තහ නොකරයි. සා. අන්තෝනි තුමාගේ සුරුවම් සාදාගෙන කරන විගඩම් වලින් එය මනාව පෙනෙයි. 13 වන ශතවර්ෂය තුල බිහිවූ අසීසියේ ප්‍රැන්සිස් ගෙන් අද සභාව ගන්නා කාලීන පාඩම් මොනවාද? රෝමෙරෝගේ සමාජ සාධාරණ සංකල්පයට සභා නායකත්වය සුදානම්ද? ලංකාවේ ඉහල තනතුරුවල සිටින රදගුරුවරුන් අසීසියේ ප්‍රැන්සිස් තියා ඔස්කා රොමෙරෝ ගැන කතාවම පහකර ඇති බව මොනවට පැහැදිලිද. එවන් මුසාවාදී සභා ක්‍රමයකට මයිකල් පියනමගේ කතිකාව අපසතු මුතු ඌරන්ට විසිකිරීමකි. පූජනීය දේ සගවා තබා ගැනීමට ජේසු අපට ඉගැන්වූයේ එහෙයිනි.
වලක් වුවත් ගොඩක් වෙන්න කලක් ගත වෙයි; එහෙයින් අනිසි උත්සාහයන් අවශ්‍ය නැත. මයිකල් පියනම ගැන හෝ ඔහු වෙනුවෙන් හුදෙක් රූපවාහිනී නාලිකාවල හෝ මාධ්‍යවල නිකරුනේ කතා කල සැනින් කිසිදු සමාජ සේවාවක් ඉෂ්ට නොවෙයි, විය යුත්තේ ඔහු මෙරට කල සේවාව ගැන අවංක විවේචන බුද්ධියකින් කරුණු විමසා සාමූහික හා සංඝික අත්දැකීමකින් බයිබලීය සාක්ෂිදරීමකි, මන්ද එලෙස කිරීම නාසරතයේ ජේසුව කාලීනව සමාජගත කිරීමයි. මයිකල් පියනමද සිදු කලේ තම ස්වාමියාට අවනතව, එනම් නාසරතයේ ජේසුට අවනතව කාලය ගෙවීමකි, ඔහුව යලි ජීවත් කරලීමකි. බුත්තල දුප්පත් ගම්මානය ඊට අස්වසුමක් විය. එහෙත් බොහෝ පිරිස් මයිකල් පියනමගේ සාන්තුවර-එසවීම කතිකාවක් ගෙන කාලය නාස්ති කරනු දැකීම සිනහවට දසුනකි.
කෙටියෙන් කියතොත්, මයිකල් පියනමව සාන්තුවරයට එසවීමේ මෙවලමක් අවශ්‍ය නැත, අවශ්‍ය වන්නේ අවංක සාක්ෂි දැරීමක් පමණි.
රෙහාන් ඩෙරික් ප්‍රනාන්දු