
අද මුළු මහත් ලෝකයම මහත් ව්‍යසනයකට පත් වෙලා. මෙම ව්‍යසනය කොයිතරම් බරපතල තත්ත්වයකට පත්වී තිබෙන්නේද කිවහොත් මේ මොහොතේ මෙලොවට උපත ලබන බිලිදු දරුවන් පවා කොවිඩ් -19 වෛරසයට ගොදුරු වෙනවා. මේ නිසා සමාජයේ හැමෝම බියට පත් වෙලා.
අනපේක්ෂිත ලෙස රෝගින් මතුවෙන විට සමාජයටම එය විශාල ගැටළුවක්. අසල්වැසියන්, නෑදෑ හිත මිතුරන් එසේම සමහර අයට තමන්ගේ සේවා ස්ථාන වලින් ඈත්වී සිටීමට සිදුවීම කෙනෙකුට ක්ෂණික කම්පනයක් සහ මානසික පිඩාවක්.
එසේ කම්පනයට පත්වු පුද්ගලයන් අපට හදුනාගත හැකියි .ඔවුන් තමන්ට ආවේණික චර්යා රටාවෙන් වෙනස්ව සමාජගත ගතවීමට සිදුවූ විට.ඔවුන්ගේ හැසිරිමේ වෙනසක් ඇති වෙනවා. කෝපය, දුක , වේදනාව, නොසන්සුන් බව ඔවුන් තුලින් නිතර නිතර ප්‍රදර්ශනය වෙනවා.
සුපුරුදු ජිවන රටාවේන් ඈත් විම, නව ජිවන රටාවකට හුරුවිමට සිදුවිම. සමහර විට නිවෙස් කිප දිනකට අතහැරිමට සිදුවීම එසේම නව හැසිරීම් රටා අත්හදා බැලිමට සිදුවීම අප දකිනවා. මේ අවස්ථාවල සමහර පුද්ගලයන් පිඩාකාරි තත්වයට පත්වෙනවා සමහර පුද්ගලයන්ට අතිතයේ තමන් සිටි තත්ත්වයෙන් එළියට එන්න බැහැ. නැතිනම් ඔවුන් වෙනස් වෙන්න කැමති නැහැ. අතිතයේ තමා සිටි අකාරයෙන් මේ පවතින අරබුදකාරි වාතාවරණය තුල සිටීමට ඔවුන් දරන උත්සාහය නිසා සැබවින්ම ඔවුන් කිසියම් සිරවිමකට පත්වෙනවා.
ඔහොම ඉන්න බෑ .හිරවෙලා ඉන්න බෑ.ගෙදරම ඉන්න බෑ, කෑම කන්න බෑ.. ඔවුන් අනාගතයට මුහුණ දෙන්න සුදානමක් නැ.මේ සදහා මනස සුභවාදී ලෙස සකස් කරගන්න අවශ්‍යයි. ඒ සදහා අන් අයටද උදවි කල යුතුයි. මේ නව වෙනස් විමි තේරුම් ගැනිම ඉතා අවශ්‍ය යි.මේවා අවශ්‍ය ඇයි යන්න කවර හේතුන් නිසාද යන්න තෙරුමිගත යුතුයි .
මේ වගේ අවස්ථාවල හැසිරෙන අකාර එකිනෙකාට වෙනස්:
1. තමාට වෙනස්වෙන්න බැ කියල සිතන අය
2. වෙනස්වෙන්න පුළුවන් වුනත් එ සදහා උත්සාහ නොකරන අය
3. මානසික පිඩාවට පත්වන අය
4. සමාජයේ ඇතිවී ඇති තත්ත්වය තේරුම් ගත අය.
5. සමාජ වෙනසට මුහුණ දෙන අය
මේදිනවල මේ වගේ පුද්ගලයන් අප අතර ඉන්න වා. එ වගේ ගති ලක්ෂණ කිපයක් තියෙන අයත් ඉන්න වා.අපි
සමාජයේ මිනිස්සු ලෙස මේ සදහා කුමක් කල යුතුද ? ඒ ඒ පුද්ගලයන්ට අවශ්‍ය උදවි උපකාර කල යුතුයි. ළගට නොගසින් දුරකතන,නව තාක්ෂණය යෙදා ගන්න පුළුවන්.ඉදිරියට යාමට බය හෙට දිනට මුහුණ දිමට නොහැකි අයට අවශ්‍ය දැනුම ශක්තිය දිය යුතුයි.එ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව එවා පිළිපදිමින්. මානසික පිඩා ඇති පුද්ගලයන්ට සවන්දිම මගින් ඔවුන්ට ලොකු අස්වැසිල්ලක් ලැබෙනවා..එ සදහා සමිපයට නොගියත් දුරකතන මගින් හිතවතුන්ට සවන්දෙන්න පුළුවන් .සමහර විට සිත තුල තෙරපි ඇති මහා බරක් එළියට දැමිමට ඔබට උදවි විය හැකියි.

වසන්තිකා ස්වර්ණමාලි;
වසර ගණනාවක් ළමා සහ තරුණ වැඩසටහන් මෙහෙයවන්නියක් ලෙස කටයුතු කර ඇති වසන්තිකා ස්වර්ණමාලි මේ වනවිට ළමා සහ තරුණ තරුණියන්ට මනෝ-සමාජීය උපදේශන සපයන්නියක් ලෙස කටයුතු කරයි,