
බ්‍රිටෝ සහ රිද්ම ; මේ දෙදෙනාම අද දින (දෙස:01)තමන්ගේ උපන් දිනය සමරති. පැහැදිලි ලෙසම පරම්පරා දෙකකට අයත් වන මේ දෙනාට සාමාන්‍ය උපන්දින සුබ පැතුමක් යවනාවට වඩා යමක් කල යුතුයැයි අප සිතුවේ මේ පරම්පරා දෙකට අයත් වන සුවිශේෂී චරිත දෙක කිසියම් ආකාරයකට අපගේ සමාජයට පරමාදර්ශී චරිත දෙකක් යැයි අප විශ්වාස කරන බැවිනි. “සච්චං” වැනි වෙබ් පුවත් ලිපියක් එවැනි පෞද්ගලික අවශ්‍යතාවයකට යොදාගැනීම ගැන කෙනෙක් “සච්චං” වෙත ඇගිල්ල දිගුකල හැක. එහෙත් මෙය සැබවින්ම සමාජමය කාර්යභාරයකි.

බ්‍රිටෝ
මා බ්‍රිටෝ අයියා පිලිබදව මුලින්ම දැනගන්නේ මිගමුව ශාන්ත මාරියාවේ උසස් පෙළ සිසුවකුව සිටි 1980/81 කාලයේදීය. ඔහු ප්‍රවීන කලාකරු හියුගෝ ප්‍රනාන්දු මහතාගේ පුතා බව මට පවසන්නේ ඒ කාලයේ හියුගෝ ප්‍රනාන්දු මහතාගේ ජිවිත කතාව පොතකට නැගු මගේ මිතුරු ප්‍රවීන ලේඛක සිඩ්නි මාක්ස් ඩයස් ගෙනි.
ඔහු වෙළඳ කලාපයේ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ සටන්කාමි සමාජ ක්රියධරයෙක් විය. එහෙත් මට කිසිවිට බ්‍රිටෝ අයියා සමග කටයුතු කරන්නට වාසනාව තිබුනේ නැත. එහෙත් ඔහු පිලිබදව බොහෝ දේවල් අසා තිබුණි. ඔහු මානවගුණය පුරවා ගත් සොදුරු මිනිසෙක් විය.
ඔහු අතුරුදහන්වූවන් වෙනුවෙන් මෙන්ම උතුරේ සහ දකුණේ පීඩිත ජන කොටස් වල අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් රැක ගැනීමට පෙරමුණ ගත්තෙකි. පුස් බොරළු බොල් පබළු අතර හමුවු මාණික්යයක්වු සැබෑ මානවවාදී සටන් නියමුවෙක් විය. ඔහු සැබවින්ම යථාර්ථවාදී අරගලයකට නායකත්වය දුන් කිරුළ නොපැලිදි විප්ලව කාරයකි. කම්කරු අරගල සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සිරබත් කෑ බ්‍රිටෝ අයියා මොනතරම් සංවේදී මිනිසෙක්ද යන වග අප දුටුවේ ඔහුගේ සුරතල් බල්ලා “මැක්ස්”ට තක්කඩි විශ්‍රාමික පොලිස් නිලධාරියා වෙඩිතබා ඝාතනය කල දවසේය. මේ මානවහිතවාදියාට අප සුභ උපන්දිනයක් පතමු.

රිද්ම
වත්මනෙහි ඔහු පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ප්‍රධාන ලේකම්ය. මෙම තනතුර වෙනත් එවැනි ආයතන මෙන් නොව විධායක තනතුරකි. අප එසේ කියන්නේ සංගමයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම ඔහුගේ වගකීම බැවිනි. එම වගකීම ඉතා බැරෑරුම් වන්නේ සමාජයේ පොදු ප්රශ්නවලදී ඔහු සමාජ ක්රියාකාරකයකුද වන බැවිනි. අද දවසේ සමාජ ක්රියාකාරිකයන් මුහුණ දෙන අභියෝග හමුවේ එම ක්‍රියාවල යෙදීම තම ජීවිතයටද ගැටලුකාරී විය හැකිය. එහෙත් ඒ සියල්ල හමුවේ ඔහු තම කිතුනු වගකීම මනාව සංවිධානය කර ගනිමින් සංගමයේ දහසකුත් එකක් කටයුතුවලට මුලිකත්වය දෙමින් ඉදිරියට යයි.
මෙම වගකීම් සහගත බව ඔහුගේ ළමා වියේදීම අපි දුටුවෙමු. අලුත් අලුත් දේ සොයා යාමට එකලද ඔහු ආසා කළේය. එමෙන්ම එවැනි කටයුත්තක් අවසානය දක්වාම ගෙන යාමටද ඔහු කැප විය. ඔහු සංවේදී පුද්ගලයෙකුද වෙයි. නැතිනම් ඔහුට සමාජය වෙනුවෙන් කැපකිරීම් කල නොහැකිය. ඔහුට තීක්ෂණ ඉවක්ද තිබේ. ගැටලුව මෙන්ම එයට විසඳුමද ක්‍රියාකාරී වීමේදී මුහුණ දදීමට සිදුවිය හැකි අභියෝගද කලින්ම හඳුනා ගන්නේ ඒ නිසාමය. ඔහු සහජයෙන් ගෙන ආ හැකියාවන්ද අධ්‍යාපනය තුලින් මුවහත් කරගත් දැනුමද ළමුන් සහ තරුණයන් සමග වැඩ කිරීමෙන් ළත් අත්දැකීම එයට ඉවහල් වුව විය හැකිය.
විශේෂයෙන් අලුත් සමාජයක අලුත් තාක්ෂණයක් තුළ අලුත් ගැටළුවලට ඔහුට තමාගේම විසඳුම් ඇත. එහෙත් ඒවා ඔහු ක්‍රියාත්මක කරන්නේ තනි කැමැත්තට නොවේ. සංගමයේ පාලක මණ්ඩලයේ අදහස්ද ඔහු එක්කර ගනී. චරිතයක මහත්ම ගුණයද බුද්ධිමත් බවද එයයි. පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය අද පවතින තත්වයට, රට තුලත් ඉන් පිටතත් පිළිගන්නා තත්වයට ගොඩනැගුනේ රිද්මගේ මේ චරිත ස්වභාවයන් නිසාය. සංගමයේ කටයුතු ගැන අප සඳහන් නොකරන්නේ එහි වෙබ් අඩවිය තුලින්ම ඒවා දැනගත හැකි බැවිනි. රිද්ම ගමට රටට අත්‍යවශ්‍ය තරුණ නායකයෙකි. එවැන්නන් රැක ගැනීම අපේ යුතුකමය. රිද්මට සුබ උපන් දිනයක් වේවා !
2 Comments
torrent
There is significantly a package to find out about this. I think you made sure great factors in functions likewise. Eachelle Tobie Iline
bluray
Very interesting details you have noted , regards for posting . “Nothing ever goes away.” by Barry Commoner. Nessy Stearne Lidda