
මුලින්ම අපි අපගෙන්ම විමසමු මේ වන විට ලෝක අධ්‍යාපනය අර්බුදකාරී තත්වයක ඇත්ද යන්න. එයට මගේ පිළිතුර වන්නේ ඇත්තෙන්ම නැත යන්නයි. පවත්නා ක්‍රමවේදයන් සහ ක්රමෝපායන් වෙනස් කිරීමට අප කැමති වන තාක්කල් මෙය අර්බුදයක් සේ අපට පෙනේවි. වෙනත් විදියකින් කියනවා නම් මෙය සංක්‍රාන්ති සමයක්. යමෙක් මෙම තත්ත්වය ‘අත පොවන මානයක විසඳුමක් නැති’ අර්බුදයක් ලෙස පෙන්වුවද එය එසේ නොවේ.
අධ්‍යාපනය පිළිබව වර්තමානයේදී ගන්නා සියලුම ක්‍රියාමාර්ගයන් ව්‍යර්ථවී යන ආකාරයක් පෙන්වන අර්බුදයක් හැටියටයි අපට දැන් පෙනෙන්නට ඇත්තේ. ඊටත් වඩා දෙමාපියන් හා දරුවන් බලාපොරොත්තු සුන්වූ අය බවට පත්වී හමාරයි. දෙමාපියන් දරුවන් ලවා පාසල් වලින් දෙන උපදෙස් ක්‍රියාත්මක කරවන්න උත්සාහ කලත් ඒ ගැන දරුවන්ගේ විශ්වාසයක් නැත. දිගින් දිගටම සටහන් ලිවීම , ප්‍රශ්න පත්රවලට උත්තර ලිවීම , online පංතිවලට සහභාගි වුවද දරුවන්ට පාසල් පිළිබඳ විශ්වාසයක් නැත. කොපමණ ප්‍රශ්න පත්රවලට උත්තර ලිව්වත් ගුරුවරු පිලිතුරු පරීක්ෂා කිරීමක් බොහෝවිට සිදු නොවෙන බවයි පැවසෙන්නේ. පාසැල්වල වාර පරීක්ෂණ පැවැත්වී නැහැ.
එමෙන්ම නව තාක්ෂණය යොදා ගෙන ඉගැන්වීම පිළිබඳව පාසල්වලට විශ්වාසයක් නැතුවා සේම ඒ සදහා පල පුරුද්දකුත් නැහැ. මෙහිදී දරුවන්ගේ අවධානය රඳවා ගැනීම ඉතා අපහසු බව පැවසෙනවා. එනම් වීඩීයෝව අක්‍රීය කර දරුවන් වෙනත් ක්‍රියාවල නිරතවෙන බව පැවසෙනවා. එම නිසා ඔවුන් ඒවා අසාර්ථක ක්‍රම බව පවසනවා.
වසරකට ආසන්න කාලයක් මේ වසංගතය සමග ජීවත්වන අප තවමත් අධ්‍යාපනය හදාරන දරුවන්ගේ අනාගතය අවිනිශ්චිත යැයි සැලකීමට ලක්කරනවා.
අප අවට සියලු ක්රමෝපායන් සහ පරිසරය වෙනස් වුවද අප වෙනස් වී ඇත්ද ? අප සිතන ආකාරය වෙනස් වී ඇත්ද ? හුදු දෝෂාරෝපණය කිරීමෙන් මිදී අවංකකම අපගේ ආකල්ප වෙනස්කර ගැනීමට සූදානම් ද ?
පුද්ගලයන් තමන් එල්බ ගෙන ඉන්න මතිමතාන්තර වෙනස් කරන තාක්කල් මෙය අර්බුදයක් සේ පෙනේවි යන්න මගේ හැඟීමයි.
මම පසුගිය දිනක ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා මුනගැහුනු අවස්ථාවේ බොහෝ දෙනෙක් පැමිණ සිටියා ඔහු මුණ ගැහෙන්න. මමත් අවස්ථාවක් ලබා ගත්තෙ වාසනාවකටමෙනි. එතුමා හමුවට පැමිණ සිටි හැමෝම පැමිණ සිටියේ බරටම ප්‍රශ්න,ගැටලු සහ අර්බුද අර ගෙනය. මා දන්නා විදියට ඔහුට පිළිතුරක් රැගෙන ගිය එකම පුද්ගලයා වුයේ මා පමණි. එහෙත් එය සතුට දනවන කරුණක් නම් නොවේ.
මට දැනුනෙ පිළිතුරුක් ගැන සිතීමටත් කලින් “ඕක හරි යන්නෙ නැහැ”, “ඕවා අපේ අයත් එක්ක කරන්න බැහැ”, “අපි වෙනස් උනාට වැඩක් නැහැනෙ එයාල වෙනස් වෙන්නෙ නැතුව”, “මමත් වරක් කරන්න හැදුවා හරි යන්නෙ නැහැ මෙයාලත් එක්ක. කැපිල්ලමයි”, “මාව කැපුවා” වැනි කියමන් අපට නිතර ඇසෙන දේවල් බවට පත්වී ඇත. මේවා මැසිවිලි නැගීම් නොවේද ? මේවා කොච්චර පරාධීන හැඟීම් දැයි ඔබටම පහසුවෙන් වටහාගත හැකිය . ඇත්තෙන්ම අපට යමක් කරන්නම පුලුවන් අවස්ථාවක් ස්වභාවය මේ වන විට අපට ලබා දී තිබේ යැයි මගේ හැඟීමයි. ඔබ අප මෙතෙක් ලත් දැනුම හා අත්දැකීම් දැන් අපට ඉතා ප්‍රයෝජනවත් වේවි. නියම නායකයන් බිහිවන්නේ ද කැළඹිලි සහිත අවස්ථාවල බවයි විද්වතුන් පවසන්නේ . එසේ නම් ඔබ සහ මම නියම නායකයන්ද යන්න අපෙන්ම අසා දැනගනිමු.
මගේ යෝජනා කරන සහ ක්‍රියාත්මක කරන ක්‍රමවේද තුළ ලංකාවේ මෙන්ම ලෝකයේත්, අධ්‍යාපනය සම්බන්ධ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී තිබෙනවා. මෙය අතිශයෝක්තියක් නොවන බව ඔබට වැටහේවි. වසර ගණනක පලපුරුද්දක් ඇතිව ක්‍රියාත්මක කරන ලද මගේ ප්‍රයෝගික වැඩමුළුව මේ වනවිට ශ්‍රී ලාංකික සිසු දරුවන්ට ඇති එකම විසඳුම වී ඇති අතර මීටත් වඩා විශාල යමක් කිරීමේ හැකියාව අපගේ අධ්‍යාපනවේදීන් සතු දෙයක්. නමුත් වෙනස් වීමට හා අවදානමක් ගැනීමට ඇති පසුබෑම නිසා අපට මේ වනවිටත් සපයා ගත හැකි පිළිතුරු බොහොමයක් අතරමග හිරවී ඇත.
ලබන දෙසැම්බර් 08 වෙනි අගහරුවදා රාත්‍රී 08.00 ට ” අධ්‍යාපනය සංක්‍රාන්ති සමයක” නමින් සුම් කතිවක් පවත්වන අතර එහිදී ඉහත මා සාකච්චා කර ඇති ප්‍රශ්න වලට මා ලබාදෙන පිළිතුරු ගැන ඔබ සමග දොඩමලුවන්නට මම අපේක්ෂා කරමි. සියල්ලන්ටම බැනවැදීමට වඩා යමක් කිරීමට ඇති හැකියාව ගැන අපි එදාට කතා කරමු. සැබවින්ම ලෝකයේ කොයි තැනක සිටියත් දරු දැරියන්ට අධ්‍යාපනය මහත් අස්වැසිල්ලක් ලබා දෙන දෙයක් කල හැක. දරුවන් තුල ඇති විශිෂ්ඨයා මේ ලැබුනු අවස්ථාවේදී එලියට ගතහැකි බව අපි කතා කරමු.
දිලීප වන්නිආරච්චි; අධ්‍යයන ක්‍රමවේද සහ ඵලදායිතා සංවර්ධන උපදේශක