බලයේ සිටින ආණ්ඩුවේ දේශපාලන හිතවතුන් කරන විනාශයට ජනතා විරෝධය!

කුමන දේශපාලන පක්ෂයක් මේ රටේ පාලන බලය දරුවත් ඒ කිසිදු දේශපාලන පක්ෂයකට මේ රටට ගැලපෙන සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කිරීමට නොහැකිවී ඇත. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ බලයට පැමිණෙන දේශපාලන පක්ෂ තමන් බලයට ගෙනඒමට සහය දැක්වූ දේශීය සහ විදේශීය ව්‍යාපාරික ප්‍රජාව සහ තමන්ගේ හෙන්චයියන් සතුටු කිරීමට කටයුතු කිරීමයි.

තමන් බලයේ සිටින කාලය තුලදී පරම්පරා ගණනාවකට ජීවත්වීමට ධනය ඒකරාශී කරගැනීමට ඔවුන් මේ දේශීය, විදේශීය ව්‍යාපාරික ප්‍රජාව සහ තමන්ගේ හෙන්චයියන්ට අවස්ථාව ලබාදෙන අතර එහිදී බලයේ සිටින ආණ්ඩු කිසිදු වග විභාගයකින් තොරව ඉක්මන් සහ කෙටි ක්‍රම මගින් මුදල් ඉපයීමට උගසට තබන්නේ මේ රටේ පරිසරයයි. රටේ පාරිසරික සමතුලිතතාවය පවත්වාගෙන යාමට අත්‍යවශයෙන්ම තිබිය යුතු වනාන්තර,ගංගා, කදුවැටි, වෙරල තීරය,මහමුහුද සහ වගුරුබිම් දුෂනයවී විනාශ වන්නේ මේ නිසාය. විල්පත්තුව, සිංහරාජය,සමනල අඩවිය පමණක් නොව කොළඹ මුහුදු තිරය, මීගමුව කලපුව සහ මේ වනවිට මුතුරාජවෙල වගුරුබිම මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත.

තිරසාර සංවර්ධනය පිලිබදව හෝඩියේ පොතවත් කියවා නොමැති කණ්ඩායම් සහ පුද්ගලයින් තමන්ට හිතුමනාපෙට වගුරු බිම ගොඩ කරමින් සහ අනවසර ඉදිකිරීම් කරමින් මේ විනාශය සිදුකරමින් සිටින්නේ බලයේ සිටින ආණ්ඩුවේ දේශපාලන බලවතුන්ගේ පුර්ණ රැකවරණය සහ ආරක්ෂාව ලබමින්ය. එහෙත් තවදුරටත් මේ විනාශය ඉදිරියේ නිහඩව සිටීමට ප්‍රදේශයේ ජනතාව,සිවිල් සමාජ සංවිධාන සහ ආගමික නායකයින් සුදානම් නැත. මක්නිසාදයත් එසේ නිහඩව සිටීම වත්මන් පරපුර පමණක් නොව අනාගත පරපුර පවා උගසට තැබීමකි.
මුතුරාජවෙල ආරක්ෂා කරගැනීම සදහා අරගලයක් මේ වනවිට ජනතාව ආරම්භකර ඇති අතර එය ජනතා අරගලයක් වේ.
‘සුරකිමු මුතුරාජවෙල’ සංවිධානය කල මුතුරාජවෙල විනාශ කිරීමට එරෙහි නිහඩ විරෝධතාවයක් අද දින (ජන; 14) ජා ඇල පොලිසිය ඉදිරිපිටදී පැවැත්වූ අතර මේ සදහා අතිවිශාල පිරිසක් සහභාගිවී සිටියහ.