

අශාන්තිගේ ලිපිය තුළ විශේෂයෙන්ම දකුණු ආසියානු කාන්තාවගේ සමාජ තත්ත්වයට බලපෑ ඓතිහාසික කරුණු දෙස යොමු වීම අගෙයි. කරුණු කීපයක් මතක් කල යුතුයි.
වසර පනහක ඉතිහාසය තුළ බැලුවත් කාන්තාවගේ සමාජ භූමිකාවේ සැලකියයූතු වෙනසක් සිදුවී නැහැ. අතරින් පතර කීපදෙනෙක් දිහා බලා අප සිත් සතුටු කරගත්තත් එය සමස්ත ලාංකික සමාජයට හෝ දකුණු ආසියානු සමාජයට එතරම්ම බලපෑමක් කර නැහැ. මේ රටවල් කාන්තාවන් ගෙන් වැඩිදෙනෙක් යැපෙන්නන් වගේම සමාජයේ පීඩිතම තත්ත්වයේ පවතින කන්ඩායමක්. මේ තත්ත්වය දකුණු ආසියාවේ ආගමික බලපෑම වැඩි රටවල ඛේදනීයයි. හින්දු ආගමික බලපෑම ඇති ඉන්දියාවේ නේපාලයේ බහුතරයක් කාන්තාවන්ද, ඉස්ලාම් බලපෑම සහිත පකිස්ථානයේ, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයේ බහුතරයක් කාන්තාවන්ද, ඒ සියලුම ආගමික බලපෑම සහ බෞද්ධ බලපෑම සහිත ලංකාවේ කාන්තාවන්ද වැඩිදෙනෙක් මේ පීඩිත කුළකයට අයත්.
මේ ලිපියෙන් කථාම කලයුතු යුද්ධයෙන් සහ තරුණ නැගිටීම් දෙකකින් පීඩාවට පත් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් තාමත් බෝඩ්ලෑලි උස්සගෙන පාර අයිනේ ඉන්න එක අමතක කරන්න බැහැ. සන්ධ්‍යා මම දකින විදිහට උඩ බලාගෙන කෙළ ගැසීමක් නෙවෙයි. ඇගේ අයිතිය වෙනුවෙන් තම ස්ත්‍රීත්වය අමතක කර දමා ඉදිරියට ඒමක්. මේක සාමාන්‍ය විය හැක්කකි. ඕනෑම පීඩිතයෙක් තමන්ගේ පීඩාව තම පැවැත්මට තර්ජනයක් වන මට්ටමට පැමිණි විට සදාචාරය, සාධාරණත්වය ස්ත්‍රීත්වය, ආගමික විශ්වාසයන් වගේ සමාජ බැඳීම් අත්හරිනව.
ලංකාවේ නිවෙස් ඇතුලේ සිද්ධවෙන බොහෝදේ කාන්තා නියෝජනයට අතහැරෙනව. නිවෙස් තුළ ඇති හිංසනය. (Domestic violence) අපයෝජනය කෙතරම්ද? ගැහැනු දරුවන් අතර අපයෝජනය ඉතා ඉහළයි. දියුණු ධනේශ්වර රටවල නීතිය සහ ක්‍රමවේදයන් ඔස්සේ ඒවා බොහෝ දුරට වලක්වල තියෙනවා. උදාහරණයක් ලෙස ගෘහස්ථ හිංසනය දියුණු රටවලත් සිදුවෙනව. හැබැයි ඒක අවම කරන්න නීතිය සහ ක්‍රමවේදයන්ට හැකි වෙලා තියෙනවා. කාන්තාවන්ට ඕනෑම අවස්ථාවක 911 කතා කර කැඳවිය හැකියි. එවැනි අවස්ථාවකට මුහුණ දීමට පොලීසිය පුහුණු කර තිබෙනවා. එසේම හිංසනය දරාගත නොහැකි නම් වෙන්වීමේ ඉඩකඩ තිබෙනවා. ඒක සමාජ කැළළක් (social stigma)වන්නේ නැහැ.

අශාන්ති කතාකරන ආගමික ඉගැන්වීම නම් මම එතරම් එකග වන්නේ නැහැ. ආගමික ආයාතන තුළ කාන්තාව පහතට ඇද වැටී තිබෙනව. ලංකාවේ බලවත්ම භික්ෂු සාසනය පුරුෂ මූලිකයි. බුද්ධ කාලයේ ඉඳලම මේ ගැටුම තිබුණා. ඒක ක්‍රිස්තියානි ලෝකයේත් තියෙනවා. බයිබලය උගන්වනව ඔබේ පුරුෂයාට යටත්ව සිටින්න කියලා. හැබැයි ඒක එදා ජුදා දැඩි පුරුෂ මූලික සමාජයේ සංස්කෘතිය.පියාගේ නමින් හඳුන්වන බාර් – ටිමොස් කියන්නේ ටිමොස් ගේ පුතා. බයිබලය ලිව්වේත් මිනිස් අතකින්. මේක ඉතා දරුණුයි ඉස්ලාම් දහම පවතින රටවල. සිරියාව ඇෆ්ගනිස්ථානය වැනි රටවල යුද්ධ කරන පුරුෂයින් සතුටු කරන්න අල්ලා ගත් කාන්තාවන් බලාත්කාරයෙන් යොදවනව. උතුරේ යුද්ධයේදී මේවා සිද්ධ වුනේ නෑද්ද?
මගේ අදහස කාන්තාවන් සහ ලමුන් තමා මේ සමාජ ක්රමයේ මුල්ම වින්දිතයන් කන්ඩායම. ඔවුන් ආරක්ෂා කිරීමට නීතිය සහ ක්‍රමවේද සකස්විය යුතුයි. කාන්තාවන් දැනුවත්වීම සහ සංවිධාන ගත කිරීම කල යුතුයි. බලවත් සිවිල් කාන්තා නියෝජනයක් රට තුළ නිර්මාණය විය යුතුය. එය කොළඹට සහ අවට මධ්‍යම පාංතික නාගරික සමාජයට සීමා නොවිය යුතුයි. 1970 වට වඩා අද හොඳ බව මම පිළිගන්නවා. හැබැයි වර්ධනය වන කාන්තා හිංසනය සහ ගැටලු ඉදිරියේ ඒක මන්ද ගාමියි.

තවත් කරුණක්, ඒක විශේෂයෙන් කිවයුත්තේ අශාන්ති ක්‍රිස්තියානි ඉගැන්වීම සම්බන්ධ කර ගත් නිසා. ජේසුස් වහන්සේට කාන්තා ශ්‍රාවකයන් සිටියා. ඔවුන් අතර මද්ගලාහි මරියා සළෝමි, ජොසේ ගේ මවවූ මරියා යනුවෙන් කන්ඩායමක් සිටියා. ජේසුස් වහන්සේ ජෙරුසලමට ගමන් කරන අවසාන ගමනේදීී මේ කාන්තා ශ්‍රාවක කන්ඩායමත් දොලොස් දෙනා සමග ගියා. ඒ අය තමා ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා සිටි අවස්ථාවේදී ගලීීලයේ කාන්තාවන් ඈත සිට බලා සිිටි බව සුභාරංචි කතුවරුන් කියන්නේ. මේ අතරින් මද්ගලාහි මරියා දොළොොොස්දෙනා මට්ටමේම සිටිි කෙනෙක්. වෙන කිසිිදු අපෝස්තුලුවරයකුට නොමැතී ලෙස ඇගේ නම සුුභාරංචි හතරේ දොළොස් වතාවක් සඳහන් වෙනව. ඒ නිසා වෙන්න ඇති සමහරු ඇය ජේසුස් වහන්සේගේ බිිිරිඳ විදිහට පෙන්වන්න උත්සාහ කරන්නේ. මද්ගගලාහි මරිියා ගේ කෙටි සුභාරංචියේ පේනව ජේසුස් වහන්සේගේ මරණයෙන් පසු පේදුුුරු සහ අපෝස්තූලුවරුන්ගේ සාකච්ඡාවට මද්ගලාහි මරිියාත් සිටිනව. එහිදී පේදුරු ජේේසුස් වහන්සේ ඇයට දැනුම් දුන් දේ විමසනවා. ජුවාම් ගේ සුභාරංචියට
අනුව ජේසුස් වහන්සේ මුලින්ම දර්ශනය වන්නේ මරියාටයි. ඒ අනුව පේනව ජේසුස් වහන්සේ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා ශ්‍රාවකයන් සමග කටයූතු කළ බව. නමුත් පසුව ජූදා ජාතික පේදුරු ඇතුළු අපෝස්තූලුවරුන් පුරුෂ මූලික ලක්ෂණ මුල් සංඝ තුළට ගෙන එනව. ක්‍රියා පොතේත් පෙන්නනවා මුල් අපෝස්තුලුවරියක් පිළිබඳව. නමුත් මුලින්ම ගොඩ නැගුණු ජෙරුසලම් සභාවට මුලිකත්වය දුන්නේ ජේසුස් වහන්සේගේ පවුලේ අය. එහි නායකත්වය ගත්තේ මුලදී ජේසුස් වහන්සේ පිළිනොගත් අපෝස්තූලුවරුන්ගේ න් කෙනෙක් නොවු ජේසුස් වහන්සේගේ සහෝදරයා ජාකොබ් විසින්. ඒ ජුදා පුරුෂ මූලික ලක්ෂණ වෙන්න ඇති කිතුනු සභාවේ තවමත් තිබෙන්නේ.