
ශු. ජුසේ වාස් පියතුමන් හා ප්රැන්සිස් සුදොතුම් පියතුමන් අතර විශ්ලේෂනාත්මක සංසන්දනයක්
කතෝලික පාරිභාෂිත වදන් භාවිතය අනුව “ශ්රී ලංකාවේ අපොස්තුළුවරයා” යන විරුදය අනිවාර්යයෙන් ම ලැබිය යුතු මෙම ගෝවාන පියතුමාට ලක්දිව කතෝලිකයෝ සම්පූර්ණයෙන් ම ණය ගැතිය. දැඩි ඕලන්ද පීඩනය හේතුවෙන් ලක්දිව කතෝලිකයන් නිදහසේ සිය විශ්වාසය ජීවත් කිරීමට නොහැකිව, සැඟවී බියෙන් සිටින බව දැනගත් මෙම පියතුමා ඔවුනට සරණ වීම සිය ජීවිත අභිලාෂයත් දේව මෙහෙවරත් කරගත්තේය. මහත් පරිශ්රමයකින් සහ කැපකිරීමකින් පසුව කුලී කරුවකු ගේ වෙස්ගෙන ලක්දිවට පැමිණි එතුමා මන්නාරම, මහනුවර සහ කොළඹ අතර ගමින් ගම සැඟවී සිටි කතෝලිකයන් සොයා යමින්, ඔවුන් පුබුදුවා, දිරිමත් කොට, ආගමික වත් පිළිවෙත් පවත්වා ලක්දිව කතෝලික සභාවට සවිමත් පදනමක් දමමින් සභා පුනර්ජීවනයක් ඇති කළේය.
මේ සියල්ල එතුමනට කල හැකි වූයේ එතුමා තුල වූ ශුද්ධවන්ත භාවය නිසා බව ජුසේ වාස් ජීවිත කතාව හදාරන විට පැහැදිලි වේ.
සම්පුර්ණ ලිපිය කියවීමට මෙම සැබදියාවෙන් වතිකානු සුළග කියවන්න :https://www.vathikanasulaga.com/2019/01/blog-post_15.html