
ආචාර්ය ක්රිස්පීන් ලියෝ පියතුමා

ආචාර්ය ක්රිස්පීන් ලියෝ පියතුමා වසර ගණනාවක් කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ උපාධ්ය පියතුමා ලෙස කතෝලික විශ්ව විද්‍යාල සිසුන් සමග උරෙන් උර ගැටී කටයුතු කල අතර මේ වනවිට කතෝලික උපාධිධාරීන්ගේ සහ වෘත්තීයවේදීන්ගේ අධ්‍යාත්මික පියතුමා ලෙස කටයුතු කරයි. වසර ගණනාවක් කොළඹ අක්වයිනස් උසස් විද්‍යාතනයේ අධ්යක්ෂ පියතුමා ලෙස කටයුතු කර ඇති එතුමා තරුණ කටයුතු පිලිබදව විශේෂ අධ්‍යයන ගණනාවක නිරතව ඇති අතර සමාජ ප්‍රශ්න සහ යථාර්තයන් දෙස විචක්ෂනශිලීව බලයි. මේවන විට රටතුල සිදුවන අයහපත් ක්‍රියාවන් ඉදිරියේ නිහඩව බලා සිටින උගතුන් සහ බුද්ධිමතුන් වහා අවදිවී ඉදිරියට පැමිණිය යුතුබව එතුමා පවසයි.


