“ අද ලෝකය ගමන් කරන්නේ ඒ ශ්‍රේෂ්ට නෙල්සන් මැන්ඩෙලා ගමන් කළ මගෙහි නොවෙයි. ඒ නිසා තමයි මැන්ඩෙලා ගිය ගමන පිළිබඳව ලෝකයට සිහිපත් කිරීමට සිදුව තිබෙන්නේ”
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
“නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඇතුළු එහි විධායක මණ්ඩලයට ශ්‍රී ලංකා ජනතාවගේ සහ ජන රජයේ ගෞරවණීය ප්‍රණාමය සහ ස්තූතිය පුද කරනවා.
නෙල්සන් මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨ මානවවාදී නායකයෙක්, ලෝකයට සංහිඳියාව පෙන්නුම් කළ නායකයෙක්, මානව සමාජයට විශිෂ්ට ගමනක් යාමට අවශ්‍ය මාර්ගය කියාදුන් නායකයෙක් පිළිබඳව අපි අද කතා කරන්නේ එවැනි නායකයින් අද ලෝකය තුළ නැති නිසයි.
නෙල්සන් මැන්ඩෙලා චරිතය ප්‍රධාන වශයෙන්ම ලෝකයට පෙන්නුම් කළේ බලය අත්හැරීම සහ බලය සීමා කිරීම පිළිබඳව කොතෙක් දුරට මානවවාදී ලෙස කටයුතු කළයුතු ද යන්නයි.
අද ලෝකය ගමන් කරන්නේ ඒ ශ්‍රේෂ්ට නෙල්සන් මැන්ඩෙලා ගමන් කළ මගෙහි නොවෙයි. ඒ නිසා තමයි මැන්ඩෙලා ගිය ගමන පිළිබඳව ලෝකයට සිහිපත් කිරීමට සිදුව තිබෙන්නේ. අද ජීවත්වන නායකයින් තුළ, ලෝකයට දේශපාලන ගමන් මග පෙන්වන බොහෝ නායකයින් තුළ නෙල්සන් මැන්ඩෙලා චරිතයේ ලක්ෂණ කොතෙක් දුරට තිබෙනවාද කියන ප්රශ්නය මතු වෙනවා. ඒ නිසා සාමය, සංහිඳියාව, ජාතින් අතර සමගිය මානවවාදී විශිෂ්ට ගමනක් පිළිබඳ ලෝකයට කියාදුන් එවැනි විශිෂ්ට නායකයකුගේ චරිතය ප්‍රධාන වශයෙන්ම අධ්‍යයනය කළ යුත්තේ අද සිටින ලෝක නායකයින් කියන එකයි මම විශ්වාස කරන්නේ.
ඒ තුළ ගැබ්ව තිබූ මානවවාදී ගැඹුරු බව, මිනිසුන් කෙරෙහි දැක්වූ ආදරය, විශේෂයෙන්ම බලය පිළිබඳ තිබූ ආශාවෙන් ඉවත්වීම ලෝකයට මහඟු ආදර්ශයක්. ශ්‍රී ලංකා ජනරජයේත්, ජනතාවගේත් ගෞරවය ප්‍රණාමය නෙල්සන් මැන්ඩෙලා චරිතයට පුදකරනවා වගේම ලෝකයේ සියලූ නායකයින්ට මම ආරාධනා කරනවා නෙල්සන් මැන්ඩෙලා වැනි විශිෂ්ට නායකයෙක් ගිය ගමන අපි සෑම කෙනෙක්ම යමුයි කියලා.”
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2018 සැත්තැම්බර් 21 දින එකසත් ජාතීන්ගේ සංවිධාන මුලස්ථානයේ පවතී නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවේදී කල කතාව.
“Today’s world is not traversing the path that was taken by the great Nelson Mandela. It is because of this that the world needs to be reminded of the journey of Nelson Mandela.”
President Maithripala Sirisena.
“ On behalf of the people and the government of Sri Lanka, I wish to express my sincere appreciation to the Secretary-General of the United Nations and the General Assembly for organizing the Nelson Mandela Peace Summit.
We speak today of Nelson Mandela, a great humanitarian, a leader who exemplified reconciliation, and a leader who guided humanity towards a nobler path, at a time when the contemporary world lacks such leaders.
Nelson Mandela demonstrated to the world how one should act humanely when in power; when setting limitations to that power; and relinquishing power.
Today’s world is not traversing the path that was taken by the great Nelson Mandela. It is because of this that the world needs to be reminded of the journey of Nelson Mandela. The question arises regarding to what extent the nationalities and leaders of today who guide and chart the political paths of the world embody the noble qualities and characteristics of Nelson Mandela.
It is my belief that world leaders in particular, must study and reflect on the life of Nelson Mandela, a great leader who taught the world about peace, reconciliation, harmony among communities, and a humane journey.
While the people and the government of Sri Lanka pay utmost respect for Nelson Mandela for the depths of his humanity, his love for fellow human beings, and his lack of greed for political power, we invite all world leaders to emulate this great man.”
Address of H.E. Maithripala Sirisena President of Sri Lanka at the United Nations General Assembly High-level Plenary Meeting, to be known as the Nelson Mandela Peace Summit
24 September 2018, New York.