ඉරානයට එරෙහි යුධ ක්‍රියාමාර්ගය අනුමත කරන්නේ ඇමරිකානුවන්ගෙන් 19% ක් පමණි!

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට පහර දෙන්නට සැරසෙන්නේ කාගේ උවමනාවකටද?
ලෝකයේ පිළිගත් සමීක්ෂණ ආයතනයක් වන හිල්-හැරිස්එක්ස් ආයතනය කරනලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව “සීමිත මිලිටරි මෙහෙයුමක්” දියත් කල යුතු බවට එකග වන්නේ ඇමරිකානුවන්ගෙන් 19% ක් බවත් මෙය ට්‍රම්ප් පරිපාලනය විසින් සලකා බලා අවසානයේ පසුගිය සතියේ එම සීමිත මිලිටරි මෙහෙයුම දියත් කිරීම අතහැර දමා ඇති බවය.
එහෙත් වඩා ප්‍රචණ්ඩකාරී අන්තවාදී ඡන්දදායකයින්ගෙන් සියයට පහක් කියා සිටියේ එක්සත් ජනපදය ඉරානයට එරෙහිව යුද්ධය ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය බවයි. තවත් සියයට 20ක් කියා ඇත්තේ එක්සත් ජනපදය මීළඟට කුමක් කළ යුතුද යන්න පිළිබඳව තමන්ට අදහසක් නොමැති බවයි.
ඇමරිකානුවන්ගෙන් හතරෙන් එකකටත් වඩා අඩු සංඛ්‍යාවක් එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මිලිටරි ක්‍රියාමාර්ගයක් ගැනීමට කැමති බව ටෙහෙරානය සහ වොෂිංටන් අතර වැඩිවන නොසන්සුන්තාවයන් මධ්‍යයේ නව මත විමසුමකින්ද හෙළි වී තිබේ.
මෙයින් පැහිදිලි වන්නේ ලෝකයේ ගැටුම් සහ යුධ නිර්මාණය කරන්නේ සීමිත යුධ උන්මන්තකයින් කීපදෙනෙකු විසින් බව ඉතා පැහැදිලි බව සමබර යුධ විචාරකයෝ පවසති.
Photo is taken from Internet