
මේ වන විට පනවා ඇති ඇදිරි නිතිය නිසා කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවය කරන දහස් ගණනක් සේවක සේවිකාවන්ට විවිධ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති බව ඔවුන් සමග කටයුතු කරන සංවිධාන සහ කණ්ඩායම් පවසති.
කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සදහා රජය විසින් අනිවාර්ය නිවාඩු ප්‍රකාශයට පත් කර තිබු අවස්ථාවලදී පවා මෙම කලාපයේ කර්මාන්ත ශාලා කීපයකම නිෂ්පාදන කටයුතු සිදුවුණු අතර නොයෙකුත් අපහසු තාවයන් මැද්දේ උවද සේවක සේවිකාවන්ට රැකියාව සදහා වාර්තා කිරීමට සිදුවිය.
ඉන් අනතුරුව ඇදිරි නිතිය පැනවීමත් සමග ඔවුන්ට දුර බැහැර ඇති තමන්ගේ නිවෙස් කරා යාමට කාලවේලාවක් නොතිබුන බැවින් බොහෝ දෙනෙකුට කටුනායක සහ ඒ අවට ප්‍රදේශවල ඇති තමන්ගේ නවාතැන් වලම රැදී සිටීමට සිදුවූ අතර බොහෝ දෙනෙකුට මාර්තු මාසයේ වැටුප ලැබී නැත. මේ නිසා තමන්ගේ නවාතැනට ආසන්නයේ ඇති කුඩා වෙළදසැල් වලින් එදිනෙදා තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගන්නා ඔවුන්ට තම ආහාර මිලදී ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදවි ඇත. පවතින අවිනිශ්චිත වාතාවරණය තුල වෙළදසැල් හිමියෝ ඔවුන්ට ණයට බඩු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
මෙම සේවක සේවිකාවන් බොහෝ දෙනෙකු පේලි වශයෙන් ඉදිකර ඇති කුඩා නිවාසවල කණ්ඩායම් වශයෙන් ජිවත් වන අතර බොහෝ දෙනෙකු තම සනීපාරක්ෂක අවශ්‍යතාවයන් සපුරා ගන්නේ පොදු පහසුකම් වලිනි. මේ අනුව ඔවුන්ට සමාජ දුරස්වීම හෝ වෙන්ව ජීවත්වීමට නොහැකි වනු අතර එය කොරෝනා වයිරසය එකිනෙකාට අසාදනය වීමට ප්‍රබල හේතුවක් විය හැකිය.
මේ පිලිබදව නිදහස් වෙළද කලාපයේ සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කීපයක්ම මොවුන් මුහනදී ඇති දුෂ්කරතාවයන් ගැන වගකිව යුත්තන්ට කරුණු ඉදිරිපත් කර ඇත.