

කොරෝනා වයිරසය පැතිරීම වැලැක්වීම සදහා මේ වනවිට රටපුරා පනවා ඇති ඇදිරිනීතිය ජනතාවට තම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කාලයක් සදහා ලිහිල් කිරීමේදී ජනතාව විශාල වශයෙන් නැවත එක එක තැන්වලට ඒකරාශිවිම නිසා ඇදිරිනීතිය පැනවීමෙන් අපේක්ෂිත අරමුණ සිදු නොවෙන බවක් පෙනේ. මේ තත්ත්වය මගහරවා ගත හැකි කිසියම් පියවරන් කීපයක් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක සහ හිටපු පාර්ලිමේන්තු බිමල් රත්නායක යෝජනා කරයි.
මේ පිලිබදව වගකිවයුතු අංශ වල අවදානය යොමුවිය යුතුයැයි ” සච්චං” වෙබ් පුවත් විස්වාස කරන බැවින් බිමල් රත්නායකගේ යෝජනා නැවත මෙසේ ඉදිරිපත් කරමු.
ඇඳිරි නීතිය පැනැවීම කොරෝනා වයිරසය පැතිරීම පාලනයට හොඳ වුවද, ඇඳිරිනීතිය අවසන් කරන පැය කීපයක් ඇති අතර ඇතිවන තදබදය වැළැක්වීම පහසු නැත. එය විනය පිළිබද ප්‍රශ්නයක් පමණක්ම නොවේ. අතිවිශාල ජනතාවක් කෙටි වේලාවක් තුළ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි විට කොපමණ විනය ගරුක වුවත් වෙළද ව්‍යාපාර එවැනි මහා පරිමාණ අලෙවියකට අනුව සකස් කර නැති නිසා මේ තදබදය අනිවාර්යෙන්ම ඇතිවෙනු ඇත.
මේ තත්ත්වය මග හරවා ගැනීමට පහත යෝජනා බිමල් රත්නායක ඉදිරිපත් කරයි.
1. ඇඳිරිනීතිය පවත්වාගෙන යන අතරම ෆාමසි සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලවිකරණ වෙළඳසැල් විවෘතව තැබීම සහ ග්‍රාම නිලධාරී මහතුන් මගින් දිනකට එක් වරක් පමණක් භාවිතා කල හැකි , එනම් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ව මිලදී ගැනීම සඳහා පමණක් භාවිතා කළ හැකි බලපත්‍ර ලබාදීම. එමඟින් තදබදය වැළැක්වීම මෙන්ම කොරෝනා ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩද අවම වේ. මෙය බොහෝ රටවල දැනට ද භාවිතා කරනු ලබයි.
2. චුන්පාන් රථවලට යෑමට අවසර දී තිබෙන නිසාත්, එවැනි රථ පහලොස් දහසක් විසි දහසක් පමණ රටේ ඇති නිසාත්, එම රථ සතොස, සුපිරි වෙළෙඳසල් හා ග්‍රාමීය වශයෙන් ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විකුණන කඩවල් වලට අනුබද්ධ කොට, ඒවා මගින් භාණ්ඩ අලෙවිය වඩා කාර්යක්ෂමව සිදු කළ හැක.
චීනයේ මේ වන විට මෙය ඉතා සාර්ථකව සිදුකරන අතර චීනයේ බිඳවැටුණු සමහර වෙළෙඳ ව්‍යාපාර මෙම මඟින් නැවත නැගී සිටීමට ද හැකියාව අත්පත් කරගෙන තිබේ.(සත්‍ය වශයෙන්ම චීනයේ මේ සිදුකරන්නේ online trading මගින් ලබාගන්න මේ ආකාරයෙන් බෙදාහැරීමේ ජාලයක් මගිනි. මෙය විශාල වශයෙන් තාවකාලික රැකියා උත්පාදනයක් බවටද පත් වී තිබේ.)
මෙය සංවිධානය කිරීම ඒ ඒ වෙළෙඳ ව්‍යාපාර වලට ම කළ හැකි වන අතරම එසේ නොවන තැන්වලදී ග්‍රාම නිලධාරි මහතුන්ට හෝ විශේෂයෙන්ම සෑම ග්‍රාම සේවක වසම් අංක භාරව සිටින පොලිස් නිලධාරීන්ට සිදු කළ හැක.